වත්මන් අනුපාත

ස්ථාවර තැන්පතු අනුපාතය - මාස 3යිව සරකට
ණය අනුපාතිකය - නිවාස

14.5% - 16.00% p.a

ණය අනුපාතිකය - පුද්ගලික ණය

16.00% - 16.5% p.a

උකස් අනුපාතිකය

* කොන්දේසිඅදාල වේ

ජාත්‍යන්තර වෙළඳාම් හා වාණිජ කටයුතු සම්බන්ධ යම් යම් ක්‍රියාකාරකම් වලට මුදල් සැපයීම වෙළඳ මූල්‍ය සේවා යන්නෙන් අදහස් වේ. ණය දීම, ණයවර ලිපි නිකුත් කිරීම, ෆැක්ටරින් සේවා, අපනයන ණය සහ රක්ෂණ ආදිය මීට ඇතුළත් වී ඇත. ආනයනකරුවන් හා අපනයනකරුවන්, බැංකු හා මූල්‍ය සේවා සම්පාදකයන්, රක්ෂණ සමාගම්, අපනයන ණය නියෝජිත ආයතන සහ අනෙකුත් සේවා සම්පාදකයන් වෙළඳ මූල්‍ය සේවාවන් හා සම්බන්ධ වී සිටී. මේ යටතේ ඔබට විශිෂ්ටතම සේවාවක්, ඉක්මනින්, හොඳම අනුපාත යටතේ හිමිවන පරිදි පහත සඳහන් සේවාවන් ලබාදීමට අප සැලසුම් කර ඇත.

ආනයන
  • ණයවර ලිපි
  • ආනයන එකතු කිරීම් DP/DA
  • ආනයන කෙටිකාලීන ණය
  • පිළිගැනීම්
  • නැව්ගත කිරීම් සහතික
  • දේශීය ඉන්වොයිස වට්ටම් කිරීම
  • හුවමාරු බලපත් සඳහා ඇපවීම
  • පොරොත්තු ණයවර ලිපි
අපනයන
  • නැව්ගත කිරීම්වලට පෙර මූල්‍ය සම්පාදනය
    • දේශීය හා විදේශීය මුදල් ණය
  • නැව්ගත කිරීමෙන් පසු මූල්‍ය සම්පාදනය
    • අපනයන ලිපිලේඛන කතිකා/වට්ටම් කිරීම
  • DP/DA අපනයන එකතු කිරීම්
  • ප්‍රේෂණ
සහතික
  • සියලුම ආකාරයේ සහතික නිකුත් කිරීම (Bid, Advance Payment and Performance and Retention Guarantees for various projects)
  • ණය සහතික
  • රේගු බදු සහතික
  • පොරොත්තු ණයවර ලිපි
කාල සීමා ණය

දැනට පවතින ව්‍යාපාර වැඩිදියුණු කිරීමට හෝ නව ව්‍යාපාර අංශ වෙත ව්‍යාප්ත වීම සඳහා වාණිජ වශයෙන් හෝ යටිතල ව්‍යුහාත්මක වශයෙන් ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය කාල සීමා ණය හෝ ව්‍යපෘති මූල්‍ය සම්පාදන සේවාවන් ඉතාමත් සහනදායී අනුපාත යටතේ සපයා දෙනු ලැබේ.

මුදල් වෙළඳපොළ ණය

නැවත නැවත මතුවන කාරක ප්‍රාග්ධන පරතරයන් පියවීම සඳහා මුදල් වෙළඳපොළ අනුපාතයන්ට සම්බන්ධ කෙටිකාලීන මූල්‍ය සම්පාදනයන් සපයනු ලැබේ.

එමෙන්ම එකතු කිරීම් ගිණුම්, වැටුප් සැකසීමේ ක්‍රියාවලීන්, සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ආදිය මෙන්ම ස්ථාවර නියෝග, තීරුබදු සහ අනෙකුත් ගෙවීම් අවශ්‍යතා සපුරාලීම සඳහා දැනුම හා පළපුරුද්ද අප සතු ය.

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ණය

අපගේ සේවාවන් හරහා සමාජය තුළ යහපත් වෙනසක් ඇති කළ හැකි බව අපි විශ්වාස කරන්නෙමු. ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම සහනදායී ආකාරයට බැංකු සේවාවන් ලබාගැනීමේ අවස්ථාව උදාකර දීම අපගේ ඉලක්කය වේ. අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ණය හඳුන්වා දී ඇත්තේ මෙම ඉලක්කය ළඟා කරගැනීමේ අරමුණිනි.

top