රාජ්‍ය බැංකුවක් ලෙස සාඩම්බර ඉතිහාසයක් හිමි මහජන බැංකුව පසුගිය වසර 50 කට ආසන්න කාලයක් තිස්සේ විදේශ වෙළදාම් කටයුතු වල නියුතු සමාගම්, ආයතන හා පුද්ගලයන් වෙත විවිධාකාර මූල්‍යම සේවාවන් අඛණ්ඩව සපයමින් සිය දැනුම් හා අත්දැකිම් සම්භාරය සමගින් ජත්‍යන්තර වෙළඳපොළ තුළ සාර්ථක වීම සඳහා අවශ්‍ය නිවැරදි මගපෙන්වීම් හා සේවාවන් ලබාදීමට ඇප කැප වී සිටී.
- ජාත්‍යන්තර වෙළඳාම් කටයුතු සඳහා මූල්‍ය සම්පාදනයට රටවල් 110 ක ව්‍යාප්ත වු නියෝජිතයන් 1,000 කට අධික ජාලයක්
- ක්‍ෂේත්‍රයේ ඉතා තරගකාරී හා නම්‍යශීලී විදේශ විනිමය අනුපාත සහ පොලී අනුපාත
- දිවයින පුරා විසිරුණු පුළුල් පරාසයක පැතිරුණු ශාඛා 737 කින් සේවාවන් ලබාගැනීමේ හැකියාව
- පාරිභෝගික අවශ්‍යතාවන් අනුව උපදේශන සේවා
- විද්යුත් තැපෑල, කෙටි පණිවුඩ (sms) සේවා හා අන්තර්ජාල බැංකුකරණය ඔස්සේ ඉක්මනින් හා පහසු සේවාවන්
- පාරිභෝගික අවශ්‍යතා කඩිනමින් ඉටුකර දීමේ හැකියාව
- රේගු ගාස්තු / බදු සහ වරාය ගාස්තු සදහා අන්තර්ජාල ගෙවීම් සේවාවක් ඔස්සේ මුදල් ගෙවීමේ හැකියාව
- නම්කළ විදේශ මුදල් වර්ග සඳහා තරගකාරී අනුපාත යටතේ ස්ථාවර / ඉතුරුම් තැන්පතු
- කඩ්නම් හා කාර්යක්ෂම අභ්‍යන්තර ප්‍රේෂණ, බාහිර මුදල් මාරු කිරිම්, RTGS (අභ්‍යන්තර / බාහිර) REPO, SLIP සහ වැටුප් ගෙවීම් සේවා
- සියලුම වෙළඳ සේවා පහසුකම් එකම වහලක් යටින් (අක්වෙරල හා ආයතනික ගණුදෙනුකරුවන් වෙනුවෙන්)
- ජාත්‍යන්තර වෙළඳ මූල්‍ය සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන්
- නම්‍යශීලී රාජකාරි වේලාවන්
- ISO 9001: 2008 සහතික දිනු උසස්ම තත්වයේ සේවාවක්