වත්මන් අනුපාත

ස්ථාවර තැන්පතු අනුපාතය - මාස 3යිව සරකට
ණය අනුපාතිකය - නිවාස

14.5% - 16.00% p.a

ණය අනුපාතිකය - පුද්ගලික ණය

16.00% - 16.5% p.a

උකස් අනුපාතිකය

* කොන්දේසිඅදාල වේ

SWIFT පණිවිඩ ලෙස හෝ විදේශ අණකර ලෙස මහජන බැංකුව හරහා පහත සඳහන් අවශ්‍යතා සඳහා මුදල් යැවිය හැක.

 

අධ්‍යාපන කටයුතු
වාසි
  • සහනදායී ගාස්තු [විදුලි මුදල් හුවමාරු (TT) ගාස්තු + කොමිස් මුදල් රු. 500/- පමණි]
අවශ්‍ය ලිපිලේඛන (පළමු ප්‍රේෂණය සඳහා)
වැදගත් කරුණු
  • මුදල් යවන තැනැත්තා මහජන බැංකුවේ ගිණුම් හිමියෙකු විය යුතු ය.
  • අවශ්‍ය සියලු ලිපිලේඛන ඉදිරිපත් කළ පසුව අදාළ ශිෂ්‍යයා වෙනුවෙන් වෙනම ලිපිගොනුවක් විවෘත කරනු ලබන අතර ඊට ලිපිගොනු අංකයක් ලබා දේ. අධ්‍යාපනය ලබන කාලය තුළ එම අංකය භාවිතයෙන් පහසුවෙන් මුදල් යැවීම සිදුකළ හැක.
  • විශ්ව විද්‍යාලය මගින් නිකුත් කළ ලිපියේ සඳහන් සීමාවන්ට යටත්ව පමණක් මුදල් යැවීම සිදුකළ හැක.
  • වියදම් සංශෝධනය කරමින් විශ්ව විද්‍යාලය විසින් ලිපියක් නිකුත් කරනු ලැබුවහොත් එහි පිටපතක් බැංකුව වෙත භාරදීමට කටයුතු කළ යුතු ය.
  • පාඨමාලා කාලය තුළ ශිෂ්‍යයාගේ අධ්‍යාපන වියදම් සහ ජීවන වියදම් වලට අදාළ සියලු ප්‍රේෂණ/මුදල් එකම බැංකුවක්/ශාඛාවක් වෙතින් ප්‍රේෂණය කළ යුතු වේ.
ආනයන

පෙරගෙවුම් ප්‍රේෂණ සඳහා බලපාන කොන්දේසි (Cash-in -Advance)

 

1. ශ්‍රී ලංකා රුපියල් ගිණුමක් හරහා සිදුකරන්නේ නම් -

  • (අ) ආනයනය කරනු ලබන සම්පූර්ණ භාණ්ඩ තොගයේ වටිනාකමින් අත්තිකාරම් ලෙස ලබාදිය යුතු මුදල ඇමරිකානු ඩොලර් 50,000/- හෝ වෙනත් මුදල් වර්ගයකින් ඊට සමාන වටිනාකමක් නොඉක්මවන්නේ නම් ඒ සඳහා අවසර ඇත.
  • (ආ)නොඑසේනම්, ආනයනය කරනු ලබන සම්පූර්ණ භාණ්ඩ තොගයේ වටිනාකමින් අත්තිකාරම් ලෙස ලබාදිය යුතු මුදල ඇමරිකානු ඩොලර් 50,000/- හෝ වෙනත් මුදල් වර්ගයකින් ඊට සමාන වටිනාකමක් ඉක්මවන්නේ නම් එය පහත තත්ත්වයන්ට යටත් වේ.
    • අත්තිකාරම් මුදලේ වටිනාකමට සමාන, බැංකුවට පිළිගත හැකි, බැංකු ඇපයක් හෝ පොරොත්තු ණයවර ලිපියක් ඉදිරිපත් කළ යුතු ය. නැතිනම් -
    • අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ආනයන පාලකවරයා විසින් ඉල්ලා සිටිනු ලබන එකතු කළ අගය මත බදු සහ ලියාපදිංචි අංකය [Value Added tax (VAT) Registration Number], බදු අනන්‍යතා අංකය [Tax Identification Number (TIN)] සහ වෙනත් ඕනෑම ලියවිල්ලක් ඉදිරිපත් කළ යුතු ය.

2. විදේශ මුදල් ගිණුමක් හරහා සිදුකරන්නේ නම් ඉහත 1 (අ) සහ (ආ) කොටස් වල සඳහන් සීමාවන් මීට අදාළ නොවේ.

අවශ්‍ය ලිපිලේඛන
වැදගත් කරුණු
  • ප්‍රෝෆෝමා ඉන්වොයිසිය සමාගමේ නමින් නිකුත් කර තිබිය යුතු ය.
  • අත්තිකාරම් ප්‍රේෂණය සිදුකර දින 180 ක් ඇතුළත, ආනයනය කරන භාණ්ඩ සම්බන්ධ සාක්ෂි (රේගුවේ සහතිකය සහිත වාණිජ ඉන්වොයිසයේ පිටපතක් සහ රේගු ප්‍රකාශනයේ පිටපතක්) ඉදිරිපත් කිරීමට ආනයනකරු කටයුතු කළ යුතු ය.
විවෘත ගිණුම් ක්‍රමය
  • අපනයනකරු අදාළ භාණ්ඩ සහ ලිපිලේඛන සෘජුව ආනයනකරු වෙත එවා, ඒවාට අදාළ ගෙවීම් ඉදිරි දිනයක ගෙවීමට ආනයනකරු එකඟ වන අවස්ථාවකදී විවෘත ගිණුම් ගෙවීමේ එකඟතාවක් ඇති වේ.
අවශ්‍ය ලිපිලේඛන
වෙනත් අවශ්‍යතා

අරමුදල් වෙනත් අරමුණු සඳහා මාරු කළ හැකිය.

  • විනිමය පාලක විසින් අනුමත කරන ඕනෑම ගෙවීමක්.

වැඩි විස්තර සඳහා කරුණාකර මහජන බැංකු ශාඛාව වෙත පිවිසෙන්න

සංක්රමණ පැවරුම්

සංක්‍රමණිකයන්ගේ මුදල් ගිණුමකින් ගිණුමකට මාරුකිරීම්

  • ශ්‍රී ලංකාවේ පදිංචි වී සිට, ඉන් පසුව ද්විත්ව පුරවැසිභාවයද ඇතුළුව වෙනත් රටක නිත්‍ය පදිංචිය හෝ පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙකුට (මින් ඉදිරියට සංක්‍රමණිකයෙකු ලෙස හැඳින්වේ) ශ්‍රී ලංකාවෙන් නික්ම යාමේදී රැගෙන යාමට අවසර ඇති මුදල් සීමාවක් පවතී. මෙම සීමාවට, සංක්‍රමණිකයාට අයත්ව පැවති හෝ කලත්‍රයා හෝ දෙමාපියන් වෙතින් ලැබුණු චංචල හා නිශ්චල දේපළ, ස්පෘශ්‍ය සහ අස්පෘශ්‍ය වත්කම් ඇතුළත් වේ. වත්කම් යන්නට මැණික් වර්ග, වටිනා ලෝහ වර්ග, පෞද්ගලික ආභරණ සහ වෙනත් වත්කම් මෙන්ම ප්‍රතිලාභියා ලෙස උරුමයෙන් අයිති වූ දේපළ ආදියෙහි වටිනාකම්ද අයත් වේ.
  • ඉහත (1) ඡේදයේ (B) කොටසේ සඳහන් ගනුදෙනු සඳහා පහත දක්වා ඇති සීමාවන් අදාළ වේ.
    • ශ්‍රී ලංකා මහ බැකුවේ මාර්ගෝපදේශයන්ට යටත්ව, වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයන්ට ඇමරිකානු ඩොලර් 200,000 කට සමාන මුදලක් ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන යා හැකි වේ.
    • වාර්ෂිකව ශ්‍රී ලංකාවෙන් පිටතට හැකි මුදල් සීමාව ඇමරිකානු ඩොලර් 30,000 කි. ප්‍රථමයෙන් අවසර ලැබෙන මුදල වන ඇමරිකානු ඩොලර් 200,000 සම්පූර්ණ වශයෙන් රැගෙන ගොස් අවසන් වී මාස 12 ක කාලයක් සම්පූර්ණ වූ පසු ප්‍රථම වරට මෙම මාසික මුදල් සීමාව ලබාගත හැක. ප්‍රථම මුදල් ප්‍රමාණය හැර ඉන්පසු රැගෙන යා හැකි මුදල් ප්‍රමාණයන්, ශ්‍රී ලංකා මහ බැකුවේ මාර්ගෝපදේශයන්ට යටත්ව, කැලැන්ඩර් වර්ෂයකට වරක් වශයෙන් ගිණුමකින් ගිණුමකට මාරු කළ හැකි අතර කොටස් වශයෙන් මාරු කළ හැකි වේ.
    • විදේශ ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ උරුමයෙන් ලැබුණු දේපළ සහ වත්කම් අලෙවි කිරීමෙන් ලැබුණු මුදල්, ශ්‍රී ලංකා මහ බැකුවේ මාර්ගෝපදේශයන්ට යටත්ව, වර්ෂයකට ඇමරිකානු ඩොලර් 30,000 ක සීමාවකට යටත්ව ශ්‍රී ලංකාවෙන් පිටතට යැවිය හැකි වේ.
  • සංක්‍රමණිකයන්ට රැගෙන යාමට අවසර ඇති මුදල් සීමාවන්, බලයලත් අලෙවිකරුවෙකු ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවක හෝ (2) කොටසේ 2 වගන්තියේ සඳහන් ආකාරයට, බලයලත් විශේෂඥ බැංකුවක ආරම්භ කරන ලද ප්‍රාග්ධන හුවමාරු රුපියල් ගිණුමක් හරහා මාරු කළ යුතු වේ.
  • ඉහත සඳහන් ආකාරයට අදාළ මුදල් සීමාවන්, බලයලත් අලෙවිකරුවෙකු ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවක හෝ (2) කොටසේ 2 වගන්තියේ සඳහන් ආකාරයට, බලයලත් විශේෂඥ බැංකුවක ආරම්භ කරන ලද ප්‍රාග්ධන හුවමාරු රුපියල් ගිණුමක් හරහා අයදුම්කරුගේ පුද්ගලික විදේශ මුදල් ගිණුමකට සහ/හෝ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආයෝජන ගිණුමකට හෝ සංක්‍රමණිකයා විසින් ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වාගෙන යනු ලබන ගිණුමකට මාරු කළ හැකි වේ.
  • වර්තමාන ආදායම (පොලී, ලාභාංශ, විශ්‍රාම වැටුප්, කුලී, කල්බදු වාරික සහ ලාභ ඇතුළුව) සහ විශ්‍රාම යාමෙන් පසු ලබන ප්‍රතිලාභ (සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තියන්ගේ භාර අරමුදල, පාරිතෝෂික සහ වෙනත් අනුමත විශ්‍රාම වැටුප් හෝ විශ්‍රාම අරමුදල්) ප්‍රාග්ධන හුවමාරු රුපියල් ගිණුමකට බැර කළ යුතු අතර සංක්‍රමණිකයෙකු ලෙස රැගෙන යා හැකි මුදල් සීමාවන්ට අමතරව අයදුම්කරුගේ පුද්ගලික විදේශ මුදල් ගිණුමකට සහ/හෝ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආයෝජන ගිණුමකට හෝ සංක්‍රමණිකයා විසින් ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වාගෙන යනු ලබන ගිණුමකට මාරු කළ හැකි වේ.

 

සංක්‍රමණිකයන් සහ/හෝ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විදේශ ජාතිකයන් මුදල් බැර කිරීම සඳහා හෝ උරුමයෙන් ලැබුණු, විදේශ මුදල් වලින් ලැබෙන ආදායමක් වේ නම් එම මුදල් බැර කිරීම සඳහා ඕනෑම නම්කළ විදේශ මුදල් වර්ගයකින් විදේශ මුදල් ගිණුමක් විවෘත කිරීම සඳහා සහ පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවසර ලබාගත යුතු ය.

top