කප්රුක ආයෝජන ණය යෝජනා ක්‍රමය යනු පොල් වගා බිම් සංවර්ධනය සඳහා අවශ්‍ය ආයෝජන ප්‍රාග්ධනය සැපයීමට පොල් සංවර්ධන මණ්ඩලය සහ මහජන බැංකුව එක්වී ක්‍රියාත්මක කරනු ලබන ණය යෝජනා ක්‍රමයකි. මේ යටතේ සංවර්ධන කාණ්ඩ 10 ක් ඔස්සේ පොල් වගාකරුවන්ට අවශ්‍ය මූල්‍ය සහය සහ තාක්ෂණික උපදේශන සේවා සපයනු ලැබේ. පොල් වගාබිම් සමස්ත වගාබිම් ඒකක ලෙස සංවර්ධනය කරමින් වැඩි නිෂ්පාදනයක් හා ඵලදායීතාවක් සඳහා සමෝධානික වගා ක්‍රම භාවිතයට වගාකරුවන් යොමු කරවීම මෙම ණය ක්‍රමයේ මූලික අරමුණක් වේ.
- ක්‍රියාත්මක වන ප්‍රදේශ
සියලු ප්‍රදේශ - පොලී අනුපාත
වාර්ෂිකව 9% - උපරිම ණය මුදල
රු. මිලියන 3 - ආපසු ගෙවීමේ කාලය
මාස 12 ක උපරිම සහන කාලයකට යටත්ව වසර 5 ක් දක්වා - ඇප
බැංකුව පිළිගන්නා ඇපකරුවන් දෙදෙනෙක් සහ චංචල හෝ නිශ්චල දේපළ උකසක්
- ණය ලබාදෙන අංශ
- අලුතින් පොල් වගා කිරීම සහ අතුරු වගාව
- පොල් නැවත වගාව සහ අතුරු වගාව
- පොල් වගාබිම් පුනරුත්ථාපනය සහ අතුරු වගාව
- පොල් වගාව හා සම්බන්ධ විශේෂ ව්‍යාපෘති
- පොල් පමණක් වගා කිරීම
- වෑස්සුම් ජල සම්පාදන ක්‍රමය ඇතිකිරීම
- ජලනල ජල සම්පාදන ක්‍රමය ඇතිකිරීම
- පොල් අතුරු වගාව සඳහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර
- තවාන් ඇතිකිරීම
- පොල් වගාබිම් වල ගවයින්, බැටළුවන්, එළුවන් ඇතිකිරීම