* කොන්දේසිඅදාල වේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් 2017 අංක 12 දරණ විදේශ විනිමය පනත යටතේ 2017.11.20 දින නිකුත් කර ඇති අංක 07 දරණ විධානයන්ට අනුව, "ජ්‍යෙෂ්ඨ විජාතිකයින්ගේ විශේෂිත ගිණුම්" නැවත හඳුන්වා දී ඇත.
එම විධානයන්ට අනුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නංවා ඇති "ශ්‍රී ලංකා - මාගේ සිහින නිවහන වැඩ සටහන" (Sri Lanka - My Dream Home programme) යටතේ, ශ්‍රී ලංකාවේ නේවාසික වීසා ලබා ගැනීමට අදහස් කරන ජ්‍යෙෂ්ඨ විඡාතිකයින් හට පහත සඳහන් කොන්දේසිවලට යටත්ව ගිණුම් විවෘත කර පවත්වාගෙන යාමට බලයලත් වෙළෙඳුන් හට අවසර ලබා දී ඇත.
ඉහත සඳහන් යෝජනා ක්‍රමය යටතේ වීසා අයදුම් කරන වයස අවුරුදු 55 ට වැඩි ජ්‍යෙෂ්ඨ විජාතිකයින් විසින්, ඇමෙරිකානු ඩොලර් (USD) 15,000 ක් හෝ වෙනත් පරිවර්තනය කළ හැකි විදේශ මුදලකින් එහි සමකය ශ්‍රී ලංකාව තුලට පරේෂණය කළ යුතු අතර, ඔවුන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින තාක් කල් එම මුදල් විදේශ මුදල් ස්ථිර තැන්පත් ගිණුමක තැන්පත් කළ යුතුය. ඊට අමතරව, ඔවුන්ගේ යැපීම සඳහා, මූලික අයදුම්කරු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් (USD) 1500 ක් හෝ එහි සමකය ද, යැපෙන්නන් හෝ කලත්‍රයා වෙනුවෙන් එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් (USD) 750 ක් හෝ එහි සමකය, මාසිකව ශ්‍රී ලංකා රුපියල් ගිණුමක තැන්පත් කළ යුතුය.
කළමනාකරු - මහජන බැංකුව, එතෙර ගනුදෙනු සේවාව, කොළඹ 10. ශ්‍රී ලංකාව
දුරකථනය අංකය : +94 112332745
පොදු දුරකථන අංක : 2332746/2334278/2437621/2446409
විදු්‍යුත් තැපෑල : nrfc@peoplesbank.lk
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි