* කොන්දේසිඅදාල වේ
ඉසුරු උදාන යනු උපතේ සිට අවුරුදු 5 දක්වා දරුවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ඉතුරුම් ගිණුමකි. දිවයින පුරා විසිරුණු ඕනෑම මහජන බැංකු ශාඛාවකදී, රු. 100 ක අවම තැන්පතුවක් සමගින් මෙම ගිණුමක් විවෘත කළ හැකි වේ. උපතේ සිට පාසල් යන වයස දක්වා වන දරුවන් වෙනුවෙන් පළමු රු. 100 ද, දැනටමත් පාසල් යන දරුවන් වෙනුවෙන් පළමු රු. 250 ද බැංකුව විසින් තැන්පත් කරනු ලබනු ඇත.
මෙම ගිණුමෙහි විශේෂත්වයන් වන්නේ 'ඉසුරු උදාන' තෑගි වවුචර ලබාගත හැකි වීම සහ දරුවාගේ වර්ධනයට සහ අධ්‍යාපනයට වැදගත් වන ත්‍යාග පිරිනැමීමයි. රු. 200, 500, 1000 හෝ 2000 වටිනාකම්වලින් යුත් තෑගි වවුචර ඕනෑම මහජන බැංකු ශාඛාවකින් මිලදීගත හැකි අතර අලුතින් ඉසුරු උදාන ගිණුමක් ආරම්භ කිරීමට හෝ පවතින ගිණුමකට මුදල් බැර කිරීම සඳහා ඒවා භාවිතා කළ හැකි වේ.
දරුවාට වයස අවුරුදු 6 පිරුණු පසුව මෙම ගිණුම ස්වයංක්‍රීයව සිසු උදාන ගිණුමක් බවට පරිවර්තනය වේ.
කා සඳහාද
දෙමාපියන් හෝ භාරකාරු මගින් ඉසුරු උදාන ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැකියි.
සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට සාපේක්ෂව 2% ක බෝනස් ඉතුරුම් පොළියක්
මෙම ගිණුමේ විශේෂත්වය වනුයේ ඉසුරු උදාන තෑගී වව්චරයි.
තෑගි වවුචර සහ දරුවාගේ වර්ධනයට සහ අධ්‍යාපනයට වැදගත් වන ත්‍යාග හිමිවීම
දෛනික ශේෂය මත පොලිය ගණනය වීම
උපතේ සිට පාසල් යන වයස දක්වා වන දරුවන් වෙනුවෙන් පළමු රු. 100 ද, දැනටමත් පාසල් යන දරුවන් වෙනුවෙන් පළමු රු. 250 ද බැංකුව විසින් තැන්පත් කරනු ලැබීම
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි