* කොන්දේසිඅදාල වේ
දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කරමින් ඔවුන්ට දීප්තිමත් අනාගතයකට දොරටු විවර කර දීම සිසු උදාන ගිණුමේ ඉලක්කය වේ. දරුවාට දැනටමත් ගිණුමක් නොමැති නම් මහජන බැංකුව රු. 250 ක තැන්පතුවක් සමගින් දරුවා වෙනුවෙන් ගිණුමක් ආරම්භ කරන අතර ඉන් අනතුරුව ගිණුමේ ශේෂය වැඩිවීමත් සමග දරුවාට ප්රතිලාභ රැසක් හිමිවනු ඇත. දිවයින පුරා විසිරුණු ඕනෑම මහජන බැංකු ශාඛාවකදී සිසු උදාන ගිණුමක් ආරම්භ කළ හැකි වේ.
මේ වනවිට දිවයිනේ පාසල් රැසක සිසු උදාන ඉතුරුම් ඒකක පිහිටුවා ඇති අතර ඒවායේ බැංකු කටයුතු සිදුකරනු ලබන්නේ එම පාසල්වල සිසු සිසුවියන් විසින්ම ය. මෙය දරුවන් ඉතිරි කිරීමට පොළඹවන අතරම කුඩා අවධියේ සිටම දරුවන්ට බැංකු සේවා අත්දැකීම් ලබාදෙන පියවරකි. මෙම ඉතුරුම් ඒකක වලදී සිසුන්ට සිසු උදාන ගිණුම් විවෘත කළ හැකි අතර ඉන් අනතුරුව තමන් කැමති ආකාරයට ඒවායේ මුදල් තැන්පත් කළ හැකි වේ.
දරුවාට වයස අවුරුදු 18 පිරුණු විට සිසු උදාන ගිණුම ස්වයංක්‍රීය YES ගිණුමක් බවට පරිවර්තනය වේ.
*කොන්දේසි සහිතයි
කා සඳහාද
සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට සාපේක්ෂව 2% ක බෝනස් ඉතුරුම් පොළියක්
නොමිලේ ශිෂ්‍යත්ව සම්මන්ත්රණ (සිංහල/දෙමල)
දරුවන් සඳහා මුදල් සම්මාන සහ අධ්‍යාපනික ත්‍යාග
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි